DIMO Healthcare යාපනය ශික්ෂණ රෝහලේ MRI වාර්තා ලබාගැනීම වේගවත් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  විවිධාංගීකරණය  වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි සෞඛ්‍ය සේවා අංශය වන DIMO Healthcare, යාපනය ශික්ෂණ රෝහලේ Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය සඳහා අමතර පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියක්  (workstation)  පරිත්‍යාග කිරීම සිදු කළේය. එය MRI වාර්තා ලබාගැනීම සහ ඒ තුළින් රෝග විනිශ්චය කටයුතු වේගවත් කිරීමට මෙන්ම කඩිනමින්  ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා වෛද්‍යවරුන්ට බෙහෙවින් ඉවහල් වේ.

DIMO Healthcare විසින් 2020 වසරේදී Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපනය කරනු ලැබීය. මෙය යාපනය දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ඇති එකම MRI ස්කෑන් යන්ත්‍රය ලෙස  මහජනයා වෙත මහඟු සේවාවක් සපයයි.

රෝග විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා යාපනය ශික්ෂණ රෝහලෙහි ඉල්ලීමකට අනුව DIMO Healthcare මෙම අමතර පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතිය  (workstation)  රෝහලේ MRI ස්කෑන් යන්ත්‍රය සඳහා  ලබා දෙන ලදී .

මෙම අතිරේක පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතිය හරහා විවිධ ප්‍රතිලාභ රැසක්  යාපනය ශික්ෂණ රෝහල වෙත ලබාදෙයි.  MRI වාර්තාවන් ලබාගැනීම වේගවත් කිරීම ඔස්සේ රෝග විනිශ්චය කටයුතු කාර්යක්ෂම කිරීම සහ ඒ තුළින් කඩිනමින් ප්‍රතිකාර ක්‍රම සැලසුම් කිරීමට අවස්ථාව ලැබීම මෙහි පළමු ප්‍රතිලාභය වේ. එමෙන්ම දෙවැන්න වන්නේ මෙහි පුළුල් වූ දත්ත විශ්ලේෂණ හැකියාව මඟින් වෛද්‍යවරුන්ට රෝග පිළිබඳ පුළුල් වූ අධ්‍යයනයක් කිරීම තුළින් උසස් පුහුණු පරිසරයක්  නිර්මාණය වීමද සිදු වී ඇත. තවද මෙම Siemens Healthineers 3 Tesla MRI ස්කෑන් යන්ත්‍රය සතු බලශක්තිය ඉතිරිකිරීමේ  විශේෂ හැකියාව හරහා 30% ක බලශක්තියක්  ඉතිරි කරදෙමින් තිරසාර සෞඛ්‍ය සේවා පරිසරයක්  ඇති කිරීමට ද සහය වෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO Healthcareහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත දිසානායක මහතා මෙසේ පැවසීය. “යාපනය ශික්ෂණ රෝහලේ කාර්යක්ෂමතාව ඉහළ නංවන සහ උතුරු-නැගෙනහිර කලාපයේ ජන ජීවිතයට ධනාත්මක බලපෑමක් ඇති කරන මෙම කටයුත්ත සඳහා දායකවීමට ලැබීම අපට ගෞරවයක්. මෙම ව්‍යාපෘතිය අපගේ 2030 වසරේ තිරසාරභාවය පිළිබඳ  න්‍යාය පත්‍රය සමඟ මැනවින් ගැළපෙනවා. මෙවැනි උත්සහයන් තුළින් ප්‍රජාවගේ සිහින සහ අභිලාෂයන්  බලගන්වමින් සෞඛ්‍ය සම්පන්න ජාතියක්  ගොඩනැගීමේ  DIMO Healthcareහි මෙහෙවර සාර්ථක කර ගැනීමට අපි කැපවීමෙන් කටයුතු කරනවා.”

මෙරට ප්‍රජාවගේ සමස්ත යහපැවැත්ම වෙනුවෙන්  ජීවිත පරිවර්තනය කිරීමට දායකත්වය ලබාදෙන  පෙරළිකාර තාක්ෂණික විසඳුම් රැසක් DIMO Healthcare  අඛණ්ඩව හඳුන්වා දෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top