HNB FINANCE හි නවතම රන් ණය මධ්‍යස්ථාන 3ක් ගල්ගමුව, කැකිරාව සහ මහියංගනයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය නවතම රන් ණය මධ්‍යස්ථාන 3ක් ගල්ගමුව, කැකිරාව සහ මහියංගනය HNB FINANCE ශාඛාවන් කේන්ද්‍ර කරගනිමින්  පසුගියදා විවෘත කරනු ලැබීය.

රන් ණය සඳහා මෙම ප්‍රදේශයන්හි පවතින ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් මෙම නවතම රන් ණය මධ්‍යස්ථානයන් අංක 349/ A අනුරාධපුර පාර ගල්ගමුව, අංක 36/ A යකල්ල පාර කැකිරාව සහ අංක 207, පදියතලාව පාර මහියංගනය යන ලිපිනයන්හි පිහිටි HNB FINANCE ශාඛාවන්හි පිහිටුවා ඇත.

HNB FINANCE PLC හි සහකාර සාමාන්‍යාධිකාරී – ශාඛා ජාල ප්‍රධානී, පැතුම් සම්පත් කුරේ, සහකාර සාමාන්‍යාධිකාරී – අංශ ප්‍රධානී – නිෂ්පාදන ව්‍යාපාර කළමනාකරණ  ලක්ෂ්මන් එරාජ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් HNB FINANCE ගල්ගමුව සහ කැකිරාව රන් ණය මධ්‍යස්ථානයන්හි සමාරම්භයන් සිදු වූ අතර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මෙහෙයුම්, බිමල් සෙනෙවිරත්න සහ ශාඛා ජාල ප්‍රධානී – සහකාර සාමාන්‍යාධිකාරී පැතුම් සම්පත් කුරේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහියංගනය රන් ණය ශාඛාවේ සමාරම්භය සිදු විය. මීට අමතරව HNB FINANCE හි සහකාර සාමාන්‍යාධිකාරීවරුන් කළමනාකරුවන් මෙන්ම ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවන්ට සහභාගී වූහ.

පාරිභෝගික අවශ්‍යතාවන් නිවැරදිව හඳුනාගනිමින් HNB FINANCE  සමාගම විසින් හඳුන්වා දෙනු ලැබූ රන් ණය සේවාවන් වන Gold Loan, Gold Plan, සහ VIP Gold Loan සේවා මූල්‍ය සමාගමකින් හඳුන්වා දුන් ප්‍රශස්තම රන් ණය විසඳුම් ලෙස අවිවාදයෙන්ම පැවසිය හැක. rka mjqula i|yd jeäu w;a;sldrï uqo,la wju fmd,shla hgf;a ඉතා කෙටි කලකදී ,nd.ekSug HNB FINANCE රන් ණය fiajdj u.ska bvlv ie,fik w;r අතේ ඇති පරිදි ටික ටික ගෙවා බේරා ගැනිමේ හැකියාව සහිත úYajdijka; .kqfokqjla wfmalaId lrk mdßfNda.slhka i|yd fuu kj rka Kh fiajd uOHia:dkh losu úiÿula jkq we;’

 “ගල්ගමුව, කැකිරාව සහ මහියංගනය HNB FINANCE ශාඛාවන්හි විවෘත වූ අභිනව රන් ණය මධ්‍යස්ථානයන් තුළින් මෙම ප්‍රදේශයන් හි ජීවත් වන ප්‍රජාව වෙත ප්‍රශස්ත රන් ණය සේවාවක් ඉටුවනු ඇති බව නිසැකවම කියන්න පුළුවන්. එමෙන්ම රන් ණය ආශ්‍රිතව අප විසින් හඳුන්වාදී ඇති පුද්ගල අවශ්‍යතාවන්ට සරිලන මූල්‍ය විසඳුම් තුළින් අපගේ පාරිභෝගිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කරදීම අපගේ ඒ්කායන අරමුණයි” යනුවෙන් HNB FINANCE PLC හි රන් ණය අංශ ප්‍රධානී ලක්ෂ්මන් රණසිංහ මහතා පැවසීය.

HNB FINANCE රන් ණය සේවාව යටතේ ක්‍රියාත්මක Gold Plan සේවාව රන් ණය ක්ෂේත්‍රයේ පෙරළිකාර සේවාවක් වන අතර පාරිභෝගිකයාගේ සිතැඟි පරිදි මිලදී ගැනීමට අපේක්ෂා කරන රන් භාණ්ඩ සඳහා ණය මුදලක් HNB FINANCE  විසින් ලබා දෙන අතර මෙම ණය මුදල  මාසික වාරික මගින් පියවීමට පාරිභෝගිකයාට අවස්ථාව සැලසේ. මෙම ආයෝජන සැලසුම වඩාත් කාලීන මූල්‍ය සැලසුමක් වන්නේ ඩොලරයට සාපේක්ෂව රන් මිල ඉහළ යන බැවින් පාරිභෝගිකයින්ගේ රන් සංචිත වර්ධනය කර ගැනීමට මෙන්ම , තම දරුවන් සඳහා රන් භාන්ඩ මිලදී ගැනීම සඳහා යොදා ගත හැකි ප්‍රශස්තම ක්‍රියාමාර්ගයක් ලෙසද මෙය හැඳින්විය හැක. එමෙන්ම HNB FINANCE විසින් හඳුන්වාදුන් VIP Gold Loan රන් ණය සේවාව ව්‍යාපාරික සහ පුද්ගල මුල්‍ය අවශ්‍යතා සඳහා වඩාත් ප්‍රශස්ත මූල්‍ය විසඳුමක් ලෙස හදුන්වාදිය හැකි අතර පාරිභෝගිකයාගේ රන් භාණ්ඩ සඳහා උපරිම අත්තිකාරම් මුදලක් ඉතා ඉක්මනින් පිරිනැමීමට ද සමාගම කටයුතු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top