නවලෝකහෝස්පිටල්ස්ක්‍රිකට්කණ්ඩායමවෙළෙඳසේවාඅවසන්මහාතරඟයට

NDB අනුග්‍රහය යටතේ මෙවර පවත්වනු ලබන වෙළෙඳ සේවා ක්‍රිකට් තරඟාවලියේසීකාණ්ඩයේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට නවලෝක හොස්පිටල්ස් ක්‍රිකට් කණ්ඩායම පසුගියදා සමත් විය. අනුව ඔවුන් එළඹෙන 29 වන දින බ්ලූම්ෆීල්ඩ් C&AC ක්‍රීඩාංගනයේදී  පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟයේදී LOLC හෝල්ඩිංග්ස් කණ්ඩායම සමඟ NDB කුසලානය සඳහා තරඟ වදිනු ඇත.

සමිත් රුබේරිගේ නායකත්වයෙන් යුත් නවලෝක කණ්ඩායම මූලික වටයේදී තරඟ 3ක් ජයග්‍රහණය කරමින් හා එක් තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් කරමින් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දිනාගැනීමට විය. එහිදී ඩේවිඩ් පීරිස් සමූහය’ (කඩුලු 4), MAS යුනිචෙලා (ලකුණු 28) සහ කොමර්ෂල් බැංකුව’ (ලකුණු 27) වශයෙන්  DLS ක්‍රමය යටතේ ජයග්‍රහණ අත්පත් කර ගැනීමට සමත් වූයේ එම කණ්ඩායම් වෙත ප්‍රභල අභියෝගයක් එල්ල කරමිනි. LOLC සමඟ තරඟය අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජය පරාජයතින් තොරව අවසන් විය. පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමය යටතේ පැවති අවසන් පූර්ව තරඟයේදී ඩේවිඩ් පීරිස් සමාගම් සමූහයේකණ්ඩායම ලකුණු 42කින් පරාජය කරමින් අවසන් මහතා තරඟයේ තමන්ගේ ස්ථානය වෙනු කර ගැනීමට නවලෝක කණ්ඩායම සමත් විය.

මෙම තරඟාවලිය පුරා නවලෝක හොස්පිටල්ස් ක්‍රීඩකයින් පන්දුවෙන් හා පිත්තෙන් විශිෂ්ට දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීමට සමත් වීම මෙම ජයග්‍රහණයන්ට සුවිශේෂී හේතුවක් විය.

ඡායාරූපයනවලෝක රෝහල් සමූහයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සමඟින් නවලෝක හොස්පිටල් ක්‍රිකට් කණ්ඩායම

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top