DIMO සිය CARPITAL උපදේශන සේවාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවසමඟ එක්ව තවත් පුළුල් කරයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම  සහකරුවා වන DIMO සමාගම, භාවිත කරන ලද (pre-owned) සුඛෝපභෝගී වාහන ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සඳහා වන DIMO CERTIFIED මගින් ක්‍රියාත්මක වන CARPITAL උපදේශන සේවාව තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ පසුගියදා හවුල්කාරිත්වයකට එළඹිණි.

සුඛෝපභෝගී Pre-owned  වාහන විකිණීම හෝ මිලදී ගැනීමට කැමති පාරිභෝගිකයන් සඳහා විශේෂඥ උපදෙස් ලබාදීම, සැබෑ වෙළෙඳපල වටිනාකම තක්සේරුව, කරදරයකින් තොරව ගනුදෙනුව සිදුකරගැනීම සහ නැවත ආයෝජන විකල්ප කෙරෙහි  යොමුවීම සඳහා උපදේශන සේවාවන් මෙම DIMO CERTIFIED හි CARPITAL උපදේශන සේවාව තුළින් පිරිනමයි.

සිය සුඛෝපභෝගී වාහන හිමිකාරිත්වයන්ට ගැළපෙන විවිධ මූල්‍ය විසඳුම් මෙම සහයෝගීතාවය ඔස්සේ  CARPITAL හි සේවාවන් බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට පිරිනමන අතර එමඟින් නැවත ආයෝජන සහ මූල්‍ය විකල්පයන්ට වැඩි වටිනාකමක් ලබාදෙමින් ඒවා තවදුරටත් සවිමත් කරනු ඇත.

මෙම හවුල්කාරිත්වය තුළින් CARPITAL උපදේශන සේවාව ලබාගන්නා පාරිභෝගිකයන්ට තම සුඛෝපභෝගී වාහන මාරු  කිරීමට හෝ එයට වඩා අගය වැඩි මෝටර් රථයක් මිලදී ගැනීමට හෝ දැනට පවතින රථයට වඩා අඩු වටිනාකමක් ඇති රථයක් මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නම් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් ඒ සඳහා කඩිනම් සැකසුම් කාලයන් සමඟ  තරඟකාරී ලීසිං වාරික ඇතුළුව පුළුල් මූල්‍ය විසඳුම් රැසක් ලබා දෙනු ඇත.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෝටර් රථ සහ ජීවිත රක්‍ෂණ සඳහා රක්ෂණ සේවා සැපයුම්කරුවන් රැසක් හරහා රක්‍ෂණ ක්‍රමවේදයන් ද පිරිනමන අතර   CARPITAL උපදේශන සේවා සමඟ ගනුදෙනු කරන පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්  සඳහා විශේෂ දීමනා සමඟින් ක්‍රෙඩිට් කාඩ්පත් ලබා දෙනු ඇත. CARPITAL උපදේශන සේවාව සමඟ අත්කර ගත හැකි ආයෝජන  අවස්ථා කෙරෙහි උනන්දුවක් දක්වන ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මූල්‍ය  කළමනාකරණ විසඳුම් ලබා දීම ද  මෙහි තවත් සුවිශේෂී ලක්‍ෂණයකි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි ප්‍රයිවට් බෑන්කින් සේවාලාභීන් වෙත ඔවුන්ට මග පෙන්වීම සඳහා කැපවූ CARPITAL උපදේශකයෙකු ලබා දීමට ද DIMO කටයුතු කරන අතර එමඟින්  ඔවුන්ගේ සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමේ සහ විකිණීමේ ක්‍රියාවලිය විධිමත් කරයි. DIMO හි මනා පුහුණුවක් සහිත මෝටර් රථ විශේෂඥයන්ගේ දායකත්වයෙන් සිදුකරන පුළුල් තක්සේරු කිරීම් ඔස්සේ විශේෂඥ උපදෙස් ලබා දීම, පවතින සුඛෝපභෝගී වාහන සඳහා ඉහළම වෙළෙඳපල  වටිනාකම සහතික කිරීමද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ප්‍රයිවට් බෑන්කින් සේවාලාභීන්ට මෙම හවුල්කාරිත්වය තුළින්  ලබාදෙයි. තවද,  එන්ජිම සහ ගියර් පෙට්ටිය සඳහා වසරක වගකීමක් මෙමඟින්  පිරිනමන අතර  දිවයින පුරා  24×7 ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවාව සඳහා නොමිලේ ප්‍රවේශ වීම වැනි ප්‍රතිලාභ රැසක් මෙම සහයෝගීතාවය හරහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි ප්‍රයිවට් බෑන්කින් සේවාලාභීන්ට හිමිවේ.

DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.  “නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමඟ ඇති මෙම සහයෝගීතාවය මගින් CARPITAL උපදේශන සේවාව තවදුරටත්  සවිබල ගන්වනවා. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හරහා පිරිනමන විවිධ මූල්‍ය විසඳුම් සමඟ DIMO හි සුඛෝපභෝගී වාහන අලෙවිය මෙන්ම අලෙවියෙන් පසු සේවා පිළිබඳව ඇති  ප්‍රවීණත්වය එක් වීම තුළින්  අපගේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ සුඛෝපභෝගී වාහන හිමිකාරිත්වයන් සඳහා අසමසම සේවාවක් ලබා දීමට හැකියාව ලැබෙනවා .”

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි විධායක උප සභාපති (Corporate Banking ) සෙනාල් සෙනෙවිරත්න මහතා මේ පිළිබඳ ඔහුගේ අදහස් එක් කළේ මෙසේය.  “DIMO සමඟ සහයෝගීතාවයක් ගොඩනගා ගනිමින් අපගේ ප්‍රයිවට් බෑන්කින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ සුඛෝපභෝගී වාහන ආයෝජන අවශ්‍යතා සඳහා අසමසම සහ පුළුල් වටිනාකමක් පිරිනැමීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා. මෙම සහයෝගීතාවය අපගේ ගනුදෙනුකරුවන්ට නව්‍ය මූල්‍ය විසඳුම් සහ සුවිශේෂී සේවාවක් ලබා දීම වෙනුවෙන්  අප දක්වන කැපවීම පෙන්නුම් කරනවා .”

DIMO CERTIFIED හි CARPITAL උපදේශන සේවාව හරහා ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන සුඛෝපභෝගී වාහනයක සිට Mercedes-Benz EQ වැනි සුඛෝපභෝගී විද්‍යුත් වාහනයකට මාරුවීම වැනි අනාගත සුඛෝපභෝගී වාහන ආයෝජන පිළිබඳ අවශ්‍ය දැනුම හුවමාරු කර ගනිමින් පාරිභෝගිකයන්ට වටිනා උපදෙස් ලබාදීමට ද බලාපරොත්තු වෙනවා.

එමෙන්ම ආනයන සීමාවන් සහ ඉහළ යන වෙළෙඳපල වටිනාකම් හමුවේ ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට ඔවුන්ගේ  වාහන වත්කම්වල සැඟවී ඇති මූල්‍ය ලාභයෙන් ප්‍රයෝජන ගැනීමට හා වෙළඳපලේ  නිවැරදි ආයෝජන තීරණ ගැනීමට ද නිවැරදි මගපෙන්වීම මේ ඔස්සේ ලබාදෙයි. DIMO සමඟ වසර ගණනාවක් පුරා ගනුදෙනු කරන අව්‍යාජ පාරිභෝගිකයින් සමඟින් අවදානම් රහිත, 100% ක් විනිවිදභාවයකින් යුතු ගනුදෙනු පමණක් CARPITAL මගින් කළ හැකි අතර, ගනුදෙනුකරුවන්ට CARPITAL උපදේශකයින් විසින් තෝරා ගත් වාහන පමණක් ලබාදෙන අතර තෙවන පාර්ශවීය  සම්බන්ධයක් නොමැතිවීම ද  විශේෂ කරුණකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top