ඩෙල් විසින් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් XPS සහ Inspiron මාදිලීන්හි ලැප්ටොප් පෙළක් හඳුන්වා දෙයි

ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයාගේ පහසුව පිණිස සහ ඔවුනගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයේ ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත් ආකර්ෂණීය තාක්ෂණික නිෂ්පාදන කලින්
කලට වෙළඳපලට හඳුන්වාදෙන ඩෙල් හි නවතම XPS සහ Inspiron මාදීලින්හි ලැප්ටොප් පෙළක් පසුගියදා කොළඹ පැවති උත්සවයකදී හඳුන්වා දීම සිදු කෙරිණි. අලංකාර නිමාව, රැගෙන යාමේ පහසුව සහ උසස් තාක්ෂණික අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි කර දෙමින් දැනට පවතින XPS සහ Inspiron ලැප්ටොප්  නිෂ්පාදන පෙළ සඳහා අවශ්‍ය කාර්ය සාධන වාසී ලබා දීමට එම නිෂ්පාදන 10th Gen Intel® Core™ ප්‍රොසෙසරය මඟින් බලගන්වා වෙළඳපලට හඳුන්වාදීම මෙහිදී සිදු විය. මේ තුලින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ  ජංගම පරිගණක අත්දැකීම් තව දුරටත්
වර්ධනය වේ යැයි සමාගම අපේක්ෂා කරයි.

මෙහෙදී හඳුන්වාදුන්  XPS 13 2-in-1 මාදිලියේ ලැප්ටොප් ආකර්ෂණීය නිමාවකින් සහ 16:10 සුවිසල් තිරයකින් සමන්විත වන අතර XPS සහ Inspiron මාදිළි ද්විත්වයම සිහින් සහ සැහැල්ලු නිමාවකින්ද යුක්ත වේ.  Inspiron මාදිලියේ ලැප්ටොප් ඕනෑම තනි පුද්ගල හෝ ව්‍යාපාරික අවශ්‍යතාවයකට උචිත අයුරින් නිර්මාණය කර ඇති අතර එහි දක්නට ලැබෙන Eyesafe® තිරය මඟින් වර්ණවල ගුණාත්මකභාවය රඳවා ගනිමින් එහි හානිකර blue light විමෝචනය අවම කිරීම සඳහා උසස් තාක්ෂණය භාවිත කර ඇත. තවද ඩෙල් හි නවෝත්පාදන ක්‍රියාවලිය තුලදී  දෝෂ රහිත නිෂ්පාදන නිපදවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර එම  නවෝත්පාදන හැකියාවන්හි ප්‍රථිපලයක් වන මෙම නවතම හඳුන්වාදීම් මෙරට තාක්ෂණික
පාරිභෝගිකයින් අතර ඉතාමත් ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වනු නොඅනුමානය.

වර්තමානයේ තාක්ෂණික උපකරණ වෙළඳපල තුළ සැහැල්ලු සහ රැගෙන යාමට පහසු නිෂ්පාදන සඳහා දැඩි ඉල්ලුමක් පවතී. හුදෙක් සැහැල්ලු නිමාවට අමතරව බලසම්පන්න ක්‍රියාකාරීත්වයෙන් යුත් පරිගණක වෙළඳපලට ඉදිරිපත් කිරිම සඳහා ඩෙල් විසින් නිරන්තරයෙන්ම කැප වෙමින් සිටින බව ඩෙල් ටෙක්නොලජිස් හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා සඳහන කළේය.  අද හඳුන්වා දුන් නවතම 10th Gen ප්‍රොසෙසරයන් මඟින් බලගන්වන ලද ලැප්ටොප්  නිෂ්පාදන මඟින් සිය පාරිභෝගිකයින්ට ඉතා පහසුවෙන් සිය සංකීර්ණ කාර්යන් සිදු කිරීමට අවශ්‍ය හැකියාවන් ලැබෙන බවද හෙතෙම වැඩි දුරටත් පවසා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමුහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා කියා සිටියේ නව්‍ය තාක්ෂණය අත්විදීමට කැමති ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඩෙල් විසින් හඳුන්වා දුන් මෙම නවතම ලැප්ටොප් මාදිළි තුළින් එදිනෙදා තාක්ෂණික කාර්යන් ඉතා පහසුවෙන් සිදු කරගැනීමට හැකි වනු ඇති බවයි. මෙවැනිම ආකාරයේ  තවත් වැඩි දියුණු කරන ලද නිෂ්පාදන රැසක් සිය වටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් ඩෙල්
එක්ව ඉදිරියේදී  වෙළඳපලට හඳුන්වාදීමට සුදානම් බවත් හෙතෙම වැඩි දුරටත් කීහ.
සිහින් මෝස්තරයක් සහ 2.5 ගුණයකින් වැඩි කාර්ය සාධනයක් සහිත නවතම  XPS 13 2-in-1 සුවිශේෂී නිමාව, වැඩි දියුණු කල තාක්ෂණය සහිත ඩෙල් හි XPS මාදිලියේ  වඩාත්ම පැසසුමට ලක් වූ නිෂ්පාදනය ලෙසට හැඳින්විය හැක.  නවතම XPS13 2-in-1 සමඟ ඩෙල් නිෂ්පාදන සඳහා වූ පාරිභෝගික විශ්වාසය සහ ආකර්ෂණය තව දුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කල හැක්කේ මෙම මාදිලිය ලොව ප්‍රථම Athena සහතිකය ලත් දසවන පරම්පරාවේ  CoreTM, 10-නැනෝ
මීටර් සිලිකන් ප්‍රොසෙසරයක් සහිත ලැප්ටොප් පරිගණකය නිසාවෙනි. මෙම මාදිලියෙහි ඇති තවත් එක්  සුවිශේෂීතාවයක් වනුයේ Dolby Vision සමඟින් එන 16:10 තරම් වූ සුවිසල්  InfinityEdgeතිරයයි. තවද සුපැහැදිලි සහ තියුණු වර්ණ සඳහා UHD+ තිරය මනා ලෙස ඉවහල්
වන අතර ඩෙල් විසින් සිය පාරිභෝගික ඉල්ලීම් සපුරාලමින් ඉත කුඩා ලැප්ටොප් කැමරාවක් (mm 2.5ක් තරම් වූ) XPS13 2-in-1 සඳහා භාවිතා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *