යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස් ’ සමගින් රිසි සේ ලොව පුරා සැරිසරන්න

යුනියන් ඇෂුවරන්ස් සමාගම හඳුන්වා දී ඇති ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහන මඟින් දැන් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට දේශීය හා විදේශීය සංචාරයන් සඳහා සුවිශේෂී වට්ටම් හිමිකර ගැනීමට අවස්ථාව ලැබී තිබේ.


ලොව ආකර්ෂණීය ස්ථාන සියැසින් දැකබලාගැනීම යනු බොහෝ දෙනෙකුගේ ප‍්‍රාර්ථනාවකි. මේ ප‍්‍රාර්ථනාවන් සැබෑ කරමින් ජීවිතයට කිසිදා අමතක නොවන මතක එක්රැස්  කරගැනීමට රක්ෂණ හිමියන්ට අත්වැලක් වනු පිණිස, මැලේසියාව, වියට්නාමය, සිංගප්පූරුව, ලා ඕසය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව වැනි රටවල් වෙත සංචාරය කිරීමේදී ගුවන් ටිකට්පත් සහ හෝටල් පැකේජ සඳහා Air Asia වෙතින් 10% ක වට්ටමක් ලබාදීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ. එමෙන්ම ශ‍්‍රී ලංකාව තුළ ගුවන් මගින් සංචාර කිරීමට කැමති කෙනෙකුට Cinnamon Air වෙතින් ගුවන් ටිකට්පත් සඳහා 20% ක වට්ටමක් හිමිවනු ඇත.

හෙට දවස නිසැකව සුරක්ෂිත නිසා අද දවසේ ජීවිතයේ සතුට විඳගැනීමට රක්ෂණ හිමියන්ට අවස්ථාව සලසා දීම ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ. මේ නිසා දැන් ඔවුන්ට විශ්වාසනීය රැකවරණයක සැහැල්ලූව සමග සංචාරයක සතුට අත්විඳිමින් ඉතුරුම්ද හිමිකර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් උදා වී ඇත.
 
2020 මාර්තු 31 දිනට පෙර යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සැලසුම් මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහන යටතේ වට්ටම් හා දීමනා හිමිකර ගැනීමට හැකියාව ලැබේ. මෙම දීමනාවන් වලංගු වන්නේ රු. 15,000 කට වැඩි මාසික වාරිකයක් සහිත රක්ෂණ සැලසුම් සඳහා පමණි.

යුනියන් ඇෂුවරන්ස් යනු මෙරට විශාලතම ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පිටුබලය හිමි එම සමාගමට දශක තුනකට අධික ප්‍රෞඪ ඉතිහාසයක් ඇත. යුනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට ශ‍්‍රී ලාංකිකයන්ට මැනවින් ගැළපෙන විසඳුම් හා සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, සමාගමේ සුදුසුකම් සපිරූ හා අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලය එම විසඳුම් හා සේවාවන් ජනතාවට සමීප කරවීම සඳහා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටී. 


වැඩි විස්තර සඳහා 011 2 990 009 අමතන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *