උත්සව සමයේ කොමර්ෂල් බැංකුවේ කාඩ්පත්වලට දැන් දිවයින‌ේ වෙළෙඳසල් ගණනකින් 70%ක් දක්වා වට්ටම්

වසර පුරාවටම තම ගනුදෙනුකරුවන්ට හොඳම දීමනා ලබා දීම වෙනුවෙන් කැපවන කොමර්ෂල් බැංකුව වසරේ විශාලතම කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන සමඟින් මෙවර උත්සව සමය ආරම්භ කර ඇත. මෙයින් බැංකුවේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් හට වෙළෙඳ හවුල්කරුවන් 642කට අධික සංඛ්‍යාවකට හිමි දිවයින පුරා වූ වෙළෙඳසල් දහස් ගණනකින් 70% ක් දක්වා වට්ටම් ලබාගත හැකි වේ.

2025 දෙසැම්බර් 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේදී මෙතෙක් පිරිනමන ලද පුළුල්තම භාණ්ඩ හා සේවා පරාසය වන ඇඳුම් පැලඳුම්, විලාසිතා සහ උපාංග, සපත්තු සහ සම්භාණ්ඩ, ස්වර්ණාභරණ, ලයිෆ් ස්ටයිල් නිෂ්පාදන, රූපලාවණ්‍යාගාර සහ රූපලාවණ්‍ය උපාංග, ඔරලෝසු සහ උපාංග, ඔන්ලයින් වෙළෙඳ හවුල්කරුවන්, සුපිරි වෙළෙඳසල්, සෞඛ්‍ය සේවා, භෝජන සේවා, මෝටර් රථ, හෝටල්, පොත්හල් සහ චාරිකා සඳහා සුවිශේෂී වට්ටම් හිමිකරගත හැකි වේ. කාඩ්පත් හිමියන්ට මාස 60ක් දක්වා පහසු

ගෙවීමේ ක්‍රමයට ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමේ අවස්ථාවද ලබාදී ඇත. තවද, තෝරාගත් වෙළෙඳසල්වලින් සිදු කරන මිලදී ගැනීම් සඳහා ගනුදෙනුකරුවන්ට බැංකුවට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් වාරික වශයෙන් ගෙවීමට පරිවර්තනය කර ගැනීමේ හැකියාව ඇති අතර ප්‍රිමියම් කාඩ්පත් හිමියන්ට ඔවුන් සඳහාම සැකසූ විශේෂිත දීමනා ලැබෙනු ඇත.

මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි – පෞද්ගලික බැංකුකරණය, සිවසුබ්‍රමනියම් ගනේෂන් මහතා මෙසේ පැවැසීය:

“මෙම උත්සව සමයේදී අපගේ ගනුදෙනුකරුවන්ට හැකි උපරිමයෙන් ප්‍රතිලාභ ලැබෙන පරිදි සාප්පු සවාරි අත්දැකීමක් හිමිකර දීම වෙනුවෙන් වෙළෙඳ හවුල්කරුවන් වාර්තාගත සංඛ්‍යාවක් සමඟ අප එක්ව කටයුතු කරනවා. මෙම උත්සව සමය සමරන අතරතුර ඔවුන්ට අර්ථවත් වූ ඉතිරිකිරීම් සමඟින් සැප සහසුවද අත්විඳිය හැකි වනවා.”

මෙම වසරේ ප්‍රවර්ධන වැඩසටහන, ශ්‍රී ලංකාවේ කාඩ්පත් හිමියකුට ලබාගත හැකි විශාලතම උත්සව දීමනා එකතුව නියෝජනය කරන අතර එමඟින් තම ගනුදෙනුකරුවන් හට උසස් වටිනාකමකින් යුත් අසමසම පහසුකම් ලබා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දක්වන කැපවීම නැවතත් තහවුරු වන බව ගනේෂන් මහතා පැවැසීය. මෙම වැඩසටහන මඟින් දැනට සිටින ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙන අතරම නව කාඩ්පත් හිමියන් බිහි වීමද දිරිමත් කරයි. තවද එමඟින්, රට පුරා සිටින සුවහසක් කාඩ්පත් හිමියන්ගේ හොඳම තේරීම ලෙස බැංකුවේ ස්ථානය තවත් ශක්තිමත් කරයි.

උපුටා ගැනීම: මව්බිම

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top