සියැට් කැලණි විශිෂ්ට අලෙවි නියෝජිතයින් ඇගයීම සඳහා සිංගප්පූරුව සහ තායිලන්තයට සංචාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම 2025 වර්ෂය තුළ ඉහළම කාර්යසාධනයක් වාර්තා කළ අලෙවි නියෝජිතයන් සඳහා සියලු වියදම් සහිතව සිංගප්පූරුව සහ තායිලන්තය වෙත සංචාර පිරිනමා ඇත.

ට්‍රක් රථ, සැහැල්ලු  ට්‍රක් රථ සහ රේඩියල් ටයර් කාණ්ඩවල අලෙවිය වර්ධනය කිරීම සඳහා මාස අටක කාලයක් සඳහා ලබා දුන් ඉලක්ක සාර්ථකව ජයගත් අලෙවිකරුවන් හට ලබාදෙන ඇගයීමක් ලෙස මෙම සංචාරයන් ක්‍රියාත්මක කරන ලදී. 

දින පහක් වූ සිංගප්පූරු සංචාරය ආසියාවේ වඩාත්ම සුඛෝපභෝගී නෞකාවක් වන ජෙන්ටින් ඩ්‍රරම් නෞකාවේ දින හතරක ගමනකින් සහ නගරය ගවේෂණය කිරීම සඳහා දිනයකින් ද සමන්විත විය. මහල් 18කින් සහ අවන්හල් 35කට අධික සංඛ්‍යාවකින් සමන්විත නෞකාව තුළ මෙම පිරිස සජීවී විනෝදාස්වාද වැඩසටහන්, පිහිනුම් තටාක, ජල ක්‍රීඩා සහ සාද අත්දැකීම අත්විඳින ලදී. තායිලන්තයේ පුකෙට් දූපතේ නෞකාව නතර කිරීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර දූපතේ වෙරළ, වෙළෙඳපොළවල් සහ ප්‍රණීත තායි ආහාර රසවිඳීමට සහභාගි වූවන්ට අවස්ථාව හිමි විය.

උපුටා ගැනීම : මව්බිම

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top