ආලෝකකරණ අවශ්‍යතා සඳහා ඩීමෝ ලුමින් වෙතින් විසඳුම් රැසක්

වෙළඳපොළ තුළ ඉතාමත් කෙටි කලකින් ආලෝකකරණ ක්ෂේත්‍රයේ වඩාත්ම පිළිගත් වෙළඳ
නාමයක් බවට පත් වූ ඩීමෝ LED ඉතා විශාල වපසරියකින් යුක්ත තමන්ගේ නිෂ්පාදන වල ඇති
ගුණාත්මකභාවය හා ඒවා භාවිතයේ වැදගත්කම තවදුරටත් දේශීය පාරිභෝගික ප්‍රජාව
වෙත සිහිපත් කරවීම පිණිස ඩීමෝ ලුමින් ලෙස නවතම මුහුණු වරකින් වෙළඳපොළට නිකුත්
කිරීමට කටයුතු කර ඇත.
ඩීමෝ LED වෙළඳ නාමය දේශීය වෙළඳපොළ හඳුන්වා දී වසර 02ක් පමණ වන කෙටි කාලය
ඇතුළත මෙවන් ආකර්ෂණයක් ලබා ගැනීම පිටුපස ඇත්තේ අන් කවරක් නොව ඔවුන්ගේ
නිෂ්පාදනයන්හි ඇති බල ශක්ති කාර්යක්ෂමතාවය සහ ඉහළ ගුණාත්මක බවයි.
නිරන්තරයෙන්ම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් උපරිමයෙන් ඉටු කිරීමට දරණ
උත්සාහය නිසාවෙන් ඕනෑම ආලෝකකරණ අවශ්‍යතාවයකට ගැළපෙන විවිධාංගීකරණය වූ
නිෂ්පාදනයන් රැසක් ඔවුන් සතුව පවතී.
වර්තමානයේ ලෝකයේ සිදුවන කාලගුණික වෙනස්කම් වල බලපෑම ඉතා අහිතකර ලෙස
දැනීම මිනිසා විසින් තම පරිසරය පිළිබඳව නොසලකා හැර කටයුතු කිරීමේ අතුරු ප්‍රථිපල
ලෙස හඳුනාගෙන තිබේ. පරිසරය කෙරෙහි වැඩි නැඹුරුවක් සහිත ජීවන තත්වයක්
පවත්වාගෙන යමින් පරිසර හිතකාමී විසඳුම් කරා යොමුවීමේ වැදගත්කම ඩීමෝ
නිරන්තරයෙන්ම අවධාරණය කර සිටී. පරිසර හිතකාමීත්වය සිය මූලික හර පද්ධතීන්ගේ
කොටසක් බවට පත් කරගෙන ඇති ඩීමෝ සමූහය එවන් ප්‍රමිතීන් තම පාරිභෝගිකයින්
පමණක් නොව මුළු මහත් පොදු ජනතාව වෙතටද ප්‍රේෂණය කිරීම තම සමාජ වගකීමක්
ලෙස සලකුණු ලබයි. හුදෙක් ලාභය මත පදනම් නොවෙමින් පාරිසරික සාධකයන් වෙනුවෙන්
යම් අවස්ථාවලදී යම් නිෂ්පාදනයන් සඳහා තමා විසින්ම නිර්ණායකයන් පැනවීම මඟින් ඩීමෝ
මෙම කාරණය සම්බන්ධව ඔවුන්ගේ ඇති මැදිහත්වීම පෙන්වාදෙනු ලැබ ඇත.

වසර දෙකකට අධික කාලයක් පුරාවට ආලෝකකරණ ක්ෂේත්‍රයට අදාළ වෙළඳපල තුළ
නායකත්වය දැරූ ඩීමෝ LED ගෘහස්ත භාවිතාවන සාමාන්‍ය විදුලි බුබුලුවල සිට අනෙකුත් LED
ආශ්‍රිත නිෂ්පාදනයන් භාවිත කරන විශාල පාරිභෝගිකයින් පිරිසක් තමන් වෙත රඳවාගෙන
ඇත. සෑම ශ්‍රී ලංකික පුරවැසියෙකුම වර්තමානයේ ලෝකය අභිමුව ඇති බලශක්ති අර්බුදය
පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබා ගැනීමෙ වැදගත්කම ඉස්මතු කරන ඩීමෝ ලුමින් බලශක්ති
සංරක්ෂණය පිළිබඳ සමාජ දැනුවත් බව වැඩිදියුණු කිරීමටද ඇපකැප වී කටයුතු කරයි. වඩා
වැඩි කල්පැවැත්මක් හා කාර්යක්ෂමතාවයකින් යුතු නිෂ්පාදනයන් පාරිභෝගිකයින් අතට
පත්කිරීම පත්කිරීම මූලික වගකීම කොට ගත් ඩීමෝ ලුමින් තම සියලුම LED මාදිලියන් සඳහා
කල් පැවැත්ම හා වගකීම පිළිබඳ සහතිකයක් නිකුත් කරමින් එය මනාව තහවුරු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *